කූඹි කැලේ


ජපනුන් ලංකාවට බෝම්බ හෙලීමට පෙර සමයේ වෝඩ්, බාන්ස්, ග්‍රෙගරි වැනි ප්‍රදේශ මනුෂ්‍ය වාසයෙන් තෙර ලඳු කැලෑවකි. 
එදවස මෙම ප්‍රදේශය හදුන්වා ඇත්තේ “කූඹි කැලේ ‘’ නමිනි. බ්‍රිතාන්‍යයන් විසින් මෙහි කුරුඳු වගා කළ නිසා අදද මේ ප්‍රදේශය හඳුන්වන්නේ ‘කුරුඳු වත්ත ‘ යන නමිනි.
කොළඹ කුරුඳුවත්ත කියූ පමණින් සිතේ ඇඳෙන චිත්‍රයේ ඇත්තේ ධන කුවේරයන්ගේ මහ මන්දිර ය. කුරුඳුවත්තේ කුරුඳුකොළයක් වත් අද දකින්නට නොමැත.

1948 වසරේ ලක්බිමට නිදහස ලැබේ. පසුව කුරුඳු පඳුරු ගැලැවී ඒ බිම් මත ප්‍රභූ පන්තියේ ප්‍රාසාද ඉදි වෙයි. පවුරු වැටකඩොලු බැඳි කුරුඳුවත්තේ නිදහස සාමාන්‍ය ජනතාවගෙන් ගිලිහී යයි. ඒ කාලයට සාපේක්‍ෂව කුඩා ඉඩෙක පවා වටිනාකම ඉතා ඉහළ අගයකට පත්වේ.

No comments:

Post a Comment